FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති මාධ්‍ය අංශය සිරස ගිල ගැනීමේ වෑයමක්?ඕශල ධුරය හැරයයි.

ජනාධිපති මාධ්‍ය අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක සහ මාධ්‍ය ප්‍රධනී ඕශල හේරත් මහතා සිය ධුරයෙන් ඉල්ල අස්වී ඇත.ඒ බව සිය ට්විටර් ගිණුමෙහි සඳහනක් තබමින් සඳහන් කර තිබේ.අප වෙත අනාවරණය වන පරිදි ඔහු එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේදීය.තමන් ඉල්ල අස්වෙන බව ලිපියක් මගින් කරුනු දැක් වු ඒමහතා කියා සිටියේ ජනපති මාධ්‍ය අංශයේ ඇති පරිපාලනමය ගැටලු සහ සම්බන්ධිකරන දුර්වලතා සහ විවිධ දේශපලනික අතපෙවීම මත කර්‍යක්ශමතාවයේ දුර්වලතාවය නිසා තමන් ඉල්ල අස්වෙන බවයි..එමෙන්ම භාහිර මාධ්‍ය අංශ සමග සමබර සම්බන්ධතාවයක් පවත්වා ගනීමට නොහැකි වීම මත යහපාලන මාධ්‍ය සැලසුම් සියල්ල අකාර්‍යක්ශම වී ඇති බවත් ඒ තුලින් ජනපතිවරයාගේ ක්‍රියා කලපයන් පිලිබදව ජනතා දැනුවත් වීමක් හරියාඅකාරව සිදු නොවන බවය ඒ මහතා සිය ලිපිය අවසානයේ ඉල්ලා සිටින්නේ තමා වෙනුවට අදාල කාර්යය මනාව ඉටු කල හැකි අයකු ඊට අනුයුක්ත කරන ලෙසයි.

මීට පිලිතුරු ලිපියක්,ජනාධිපති අතිරේක ලේකම් වරයා විසින් අදාල ඉල්ලා අස්වීම පිලිගන්න බව සදහන් කරමින් ඉල්ල අස්වීම අනුමත කර මේ මස 11 වෙනිදා ලිපියක් නිකුත් කරන ලදී . නමුත් සමාජ ජාලා වෙබ් අඩවි පවසන්නේ මෙය ඉල්ලා අස්වීමක් නොව අස් කිරීමක් බවයි.නමුත් එය අසත්‍ය බව අප වගකීමකින් යුතුව කියා සිටින්නෙමු.

කෙසේ නමුත් ජනාධිපති මාධ්‍ය අංශ සේවක පිරිස් පවසන්නේ මේවන විට ජනාධිපති මාධ්‍ය අංශය සිරස( මහරාජා)ආයතනයේ ඍජු මැදිහත් වීමක් යටතේ ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම තවත් සේවක පිරිස් සිරස නාලිකාව ඇතුලින්ම ජනාධිපති මධ්‍ය අංශයට එක් කර ගනිමින් එය තමන් යටතේ ක්‍රියාත්මක වන තවත් ආයතනයක් බවට පත් කිරීමේ වෑයමක්ද මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔවුන් පවසයි .මෙම ඉවත්ව යාම තුලද මහාරාජා ආයතනයේ ක්‍රියාකාරිත්ව හේතු වන්නට ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.