FAST NEWS

24×7 Around the Globe

මහින්ද සහ ගෝඨාගේ ප‍්‍රජා අයිතිය අහෝසි වන ලකුණු.

යුධ අපරාධ පරීක්ෂණ මුවාවෙමන් මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ප‍්‍රසන්න රණතුංග මහතා මිනුවන්ගොඩ ශ්‍රීලනිප ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් කියා සිටියේය.

හෘද සාක්‍ෂිය සහිත මිනිසුන් ලෙස ඊට කිසිසේත්ම ඉඩ දිය නොහැකි බවත් ත‍්‍රස්තවාදය පරාජය කර ජාතිය කෙලින් සිටවූ නායකත්වය සැමදා රැකගත යුතු බවත් ඔහු එහිදී කියා සිටියේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රජා අයිතිය අහෝසි වීමේ යම් කටකතාවක් තිබුනද මේ පිළිබද ප්‍රසිද්ධියේ අනාවරණය කෙරුනේ ප්‍රථම වතාවටයි.