FAST NEWS

24×7 Around the Globe

එක්සත් අරාබි එමීර් රාජ්‍යයත් අඟහරු ගවේෂණ මෙහෙයුමකට සැරසෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අරාබිකරයේ ප්‍රථම අඟහරු ගවේෂණ මෙහෙයුම සිදු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම් වේ.

විදෙස් වාර්තා පැවසුවේ  ලබන ජුලි 14 වන දා මෙම මෙහෙයුම සිදු කෙරෙන බවයි .

මෙම මෙහෙයුම සඳහා යොදා ගැනෙන යානය අමල් ලෙස එම් නම් කර ඇත්තේ බලාපොරොත්තුව යන තේරුම ඇතිවය.

අභ්‍යාවකාශ යානය මාස 7ක චාරිකාවකින් පසු අඟහරු වෙත ළඟාවීමට නියමිතය.

මිනිසුන් රහිත මෙම අභ්‍යාකාශ යානය කිලෝමීටර් මිලියන 493ක් ගෙවා අඟහරු වෙත පැමිණේ.

ඒ අනුව මෙම අරාබි අභ්‍යාවකාශ යානය එහි දින 687ක් රැදී සිටිමින් පෘථිවිය වෙත විද්‍යාත්මක දත්ත සම්ප්‍රේෂණය කිරීමට නියමිතය.