FAST NEWS

24×7 Around the Globe

උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායකයා ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | මාලි) – ප්‍රංශ හමුදා අප්‍රිකානු මාලි රාජ්‍යයේ සිදුකළ මෙහෙයුමකදී උතුරු අප්‍රිකාවේ අල්ඛයිඩා නායක අබ්ඩෙල්මලෙක් ඩ්‍රොවුක්ඩෙල් මිය ගොස් තිබේ.

ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය වන ෆ්ලෝරන්ස් පාලි ප්‍රකාශ කළේ ඔහු සමග තවත් ප්‍රබල අල්ඛයිඩා අනුගාමිකයන් රැසක් මරණයට පත්වි ඇති බවයි.

එමෙන්ම අයි එස් සංවිධානයේ අණදෙන නිලධාරියෙකුද සිය ග්‍රහණයට ගත් බව ප්‍රංශ හමුදා සඳහන් කළේය.