FAST NEWS

24×7 Around the Globe

ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත කරයි

(ෆාස්ට් නිව්ස් | ජෙරුසලම) – කොරෝනා වසංගතය හේතුවෙන් මාස දෙකකට වැඩි කාලයක් වසා දමා තිබූ ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය වෙත බැතිමතුන් පැමිණීම යළි ආරම්භ කර තිබේ.

සෞදි අරාබියේ පිහිටි මැකා සහ මදීනා හැරුණුකොට ඉස්ලාම්වරුන්ගේ තුන්වන වැදගත් පූජ්‍යස්ථානය ලෙස සැළකෙන්නේ ඊශ්‍රායලයේ ජෙරුසලම් පුරවරයේ පිහිටි අල් අක්සා දේවස්ථානයයි.