FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සීමා දීර්ඝ කෙරෙන අතරතුර ජන ජීවිතයත් යථා තත්ත්වයට

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු 25 වනදා සිට පැනවුනු සීමාවන් ජූනි 30 වනදා දක්වා දීර්ඝ කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.   

කෙසේවෙතත් වෛරසය ආසාදනය අවම ප්‍රදේශවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් සිදු කෙරෙන බව ද ඉන්දීය රජය නිවේදනය කරයි.

ඒ අනුව ලබන ජූනි 8 වනදා සිට සාප්පු සංකීර්ණ, හෝටල්, අවන්හල් සහ ආගමික ස්ථාන මහජනතාව සඳහා විවෘත වනු ඇත.

ජූලි මාසයේ සිට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු සඳහා විවෘත කිරීමට ද ඉන්දියාව සැළසුම් කර තිබේ.

මේ වන විට ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ 80,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාවද 5,000 කට අධික වෙයි.