FAST NEWS

24×7 Around the Globe

වසර 9 කට පසු ඇමෙරිකාවෙන් ගගණගාමීන් අභ්‍යවකාශයට

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) –   ඇමෙරිකාවෙන් ගගණගාමීන් අභ්‍යවකාශයට යැවීම ආරම්භ කරමින් අභ්‍යවකාශ යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගියේය.  

මෙහි විශේෂත්වය වන්නේ වසර 09 කට පසු නැවත වරක් ඇමරිකාව මෙය ක්‍රියාත්මක කිරීමයි.

ෆැල්කන් – 9 ලෙස නම් කර ඇති මෙම රොකට්ටුව ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද අලුයම 1 . 30 ට පමණ සාර්ථකව අභ්‍යවකාශ ගතකරනු ලැබීය.

ඒ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පිහිටා ඇති කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන්.

නාසා ආයතනය සහ පුද්ගලික අභ්‍යවකාශ සමාගමක් වන ස්පේස් එක්ස් ආයතනය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබන අතර , පුද්ගලික යානයක් අභ්‍යවකාශ ගත කෙරුණු පළමු අවස්ථාවද මෙය වීම තවත් විශේෂත්වයකි.

ඉදිරියේදී මෙවැනි තවත් මෙහෙයුම් 06 ක් සිදුකිරීමට ස්පේස් එක්ස් ආයතනය සූදානමින් සිටියි.