එම තත්ත්වය මත පරවිවැල්ලේ දිය නාමින් සිටි කිහිප දෙනෙකුට අසාත්මිකතාවයන් ඇති වූ බව තංගල්ල පොලිස් ජීවීතාරක්ෂක ඒකකය පවසයි.
පසුගිය දින කිහිපය තුළ දින පරවිවැල්ලේ දිය නාමින් සිටි කිහිප දෙනෙකුගේ සිරුරේ ජෙලිපිෂ් තැවරීම හේතුවෙන් එම ප්‍රදේශයේ දිය නෑම සිදු නොකරන ලෙසට පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිළධාරීන් ජනතාව දැනුවත් කරනු ලැබ ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
උග්‍ර විෂ සහිත ජෙලි පිෂ් කිහිප දෙනෙකු වෙරලට ගොඩ ගසා තිබූ බවද බොහෝ විට සවස් භාගයේ මෙම සතුන් පැමිණෙන හෙයින් පරීක්ෂාකාරීවන ලෙසට තංගල්ල පරවිවැල්ලේ දිය නෑමට පැමිණෙන අයගෙන් පොලීසිය ඉල්ලා සිටිති.








