FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයේ කොරෝනා ආසාදිතයන් සියල්ලන්ම සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | නවසීලන්තය) – නවසීලන්තයේ කොරෝනා වෛරසය ආසාදිත සියලු රෝගීන් මේ වන විට සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝහල්ගතව සිටි අවසන් රෝගියා ද පූර්ණ සුවය ලබා ඊයේ (26) රෝහලෙන් පිටව ගිය බවයි.

නවසීලන්තයේ කොරෝනා වෛරස ආසාදිතයින් 1500 ක පිරිසක් වාර්තා වූ අතර සිදුවූ මරණ සංඛ්‍යාව 21 ක්  බව සඳහන්.

කොරෝනා වසංගත ව්‍යාප්තියට සාර්ථකව මුහුණ දුන් රටක් ලෙස සැලකෙන නවසීලන්තයේ ගත වූ දින 5 තුළ එරටින් කිසිදු  නව ආසාදිතයෙකු හදුනාගෙන නොමැත.