FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ කොරෝනා මරණ 100,000 පසුකරයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

මරණ සංඛ්‍යාව එලෙස ඉහළ යද්දී එරට ආසාදිතයන් සංඛ්‍යාව 1700,000 ඉක්මවා ගොස් ඇති බව එම වාර්තාවල සඳහන් වේ.

එමෙන්ම ලොවපුරා කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට 349,273 දක්වා ඉහළගොස් ඇත.

මීට අමතරව ‘කොවිඩ් – 19’ ගෝලීය වසංගත අවදානම පාලනය වූ රටවල පවා දෙවැනි රැල්ලක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

එම රටවල නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලිහිල් කිරීමට ඉක්මන් වුවහොත් ඉක්මනින් ම දෙවැනි රැල්ලක් ඇතිවනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණයෙන් යුතුව පෙන්වාදෙයි.