හබරාදුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක චන්ද්‍රලාල් අබේගුණවර්ධනට මාපලගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී දහයට පමණ කිසියම් පිරිසක් විසින් පහරදී ඇතැයි වාර්තා වෙයි.
එම සිද්ධියෙන් ඔහු ගමන් කළ රථයටද පහරදී අලාබහානි සිදුව ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ චන්ද්‍රලාල් අබේගුණවර්ධන කරාපිටිය රෝහලට ඇතුලත්කර තිබේ.
අබේගුණවර්ධනගමන් කළ රථයේ ප්‍රධාන ලාම්පු දල්වාගෙන පැමිණියා යැයි කියන සිද්ධියක් මත යතුරු පැදි කරුවකු හා ඇතිවූ බහින් බස්වීමක් මත මාපලගම දී මෙම පහරදීම සිදුකර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.








