ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඇමරිකාවේ ජනප‍්‍රිය කිරීම සඳහා සංවිධානය කෙරෙන විස්සයි20 තරග තුනකින් සමන්විත ක‍්‍රිකට් තරගාවලියේදී නායකයන් ලෙස ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු සුපිරි දඟ පන්දු යවන ක‍්‍රීඩක ෂේන් වෝන් සහ ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් නම්කරනු ලැබ ඇත.මෙහිදි ශ්‍රී ලංකාව නියෝජන කරමීන් මුත්තයියා මුරලිදරන්ද මෙම තරගාවලියට එක්වීමට නියමීතය. මෙම තරගාවලිය හිටපු සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වේ.
මෙම තරග නිව්යෝක්, හූස්ටන් සහ ලොස්ඇන්ජලීස් යන නගරවලදී ලබන නොවැම්බර් මස පැවැත්වීමට නියමිත අතර පළමු තරගය නොවැම්බර් 7 වැනිදා නිව්යෝක්හිදී පැවැත්වීමට නියමිතය.
බ‍්‍රයන් ලාරා, කර්ට්නි වෝල්ෂ්, කර්ට්ලි ඇම්බ්‍රෝස්, මුත්තයියා මුරලිදරන්, වසීම් අක්රම්, ජැක් කලිස්, රිකී පොන්ටිං, මැතිව් හේඞ්න්, ග්ලේන් මැග‍්‍රාත් සහ බ‍්‍රැඞ් හැඩින් යන හිටපු ප‍්‍රබල ක‍්‍රීඩකයන් මෙම තරගාවලියට එක්වීමට නියමිතය.
ප‍්‍රබල ක‍්‍රීඩකයන් සියලූ දෙනාම තරගාවලියට සහභාගි වන බව තහවුරු කර ඇති බව ෂේන් වෝන් පැවසූයේ යයි සචින් තෙන්ඩුල්කාර් පවසා තිබුණි.
අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ ප‍්‍රධාන විධායක නිලධාරී ඬේවිඞ් රිචඞ්සන් මහතා පැවසුවේ ඇමරිකානු ක‍්‍රිකට් ලෝලින්ට සුපිරි ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් දැකබලා ගැනීමට ලැබෙන පළමු අවස්ථාව මෙය බවයි.
”ඔවුන්ගේ පාරම්පරිකක ක‍්‍රීඩා තිබියදීම ක‍්‍රිකට් ක‍්‍රීඩාව ජනප‍්‍රිය කිරීමට කටයුතු කිරීම පිළිබදව අපි ඇමරිකාවට ස්තූතිය පළ කරනවා” යැයි රිචඞ්සන් මහතා වැඩි දුරටත් පැවසීය.
තෙන්ඩුල්කාර් පවසන්නේ ඇමරිකාව තුළ පැසිපන්දු, බේස්බෝල් සහ පාපන්දු සෑම අතකම දකිනවා වගේ යම්කිසි දවසක ක‍්‍රිකට් පිතිද දකින්න ලැබෙනු ඇති බවයි.






