මෙරට මුස්ලිම් ජාතිකයන් 07 දෙනකු සිරියාවේ අයිසීස් සංවිධානය හා එක්ව සටන් වදින බවට තොරතුරු ලැබී තිබේ.
මොවුන් අවුරුදු 20 – 40 අතර වයසේ පසුවන බව තමිල්වින් වෙබ් අඩවිය කියයි.
කොළඹ, මහනුවර පදිංචි පුද්ගලයන් 07 දෙනෙක් මෙලෙස මුස්ලිම් ත්රස්ත සංවිධානයට එක්වී සිටිති.
මොහොමඩ් මුෂින් නිලාම් නමැති 37 හැවිරිදි කරාටේ ගුරුවරයකු මුලින්ම අයිසීස් සංවිධානයට බැඳී සිරියාවේ ඇතිවූ ගැටුමකදී මරුමුවට පත්විය. ගලේවල පදිංචි මේ පුද්ගලයාගේ පවුලේ උදවිය ද පසුව තුර්කිය හරහා සිරියාවට පැනගොස් ඇති බව ද හෙළිවිය.








