FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 46 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 46 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව වෛරස ආසාදිතයින් 46 ලක්ෂ 19,742 දෙනෙකු හඳුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව වැඩිම ආසාදිතයින් ගණනක් අමෙරිකාවෙන් වාර්තා වන අතර ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 25,398 දෙනෙකු හඳුනා ගෙන ඇත.