FAST NEWS

24×7 Around the Globe

කුමාර් සංගක්කාරගේ නමීන් මාර්ගයක් නම් කරයි.

ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ක්‍රීඩක කුමාර සංගක්‌කාරගේ නමින් නුවරඑළියේ මාර්ගයක්‌ නම් කිරීමට නුවරඑළිය මහ නගර සභාව තීරණය කර තිබෙනවා.

නුවරඑළිය – කළුකැලේ මාර්ගය මෙලෙස කුමාර සංගක්‌කාර මාවත ලෙස නම් කිරීමට දැනට යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල මෙම මාර්ගය සංවර්ධනය කරමින් පවතිනවා.

නුවරඑළිය මහ නගර සභා මාසික මහ සභා රැස්‌වීමේ දී මෙම යෝජනාව සම්මත වී තිබෙනවා.