FAST NEWS

24×7 Around the Globe

බ්‍රසීලයේ සුපිරි වෙළඳසැල් බිඳ වැටීමේ ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් නිරෝධායන සීමා අඛණ්ඩව පැවතුනහොත් බ්‍රසීලයේ සුපිරි වෙළඳසල් පද්ධතිය බිඳ වැටෙනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා තිබේ.   

එමගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක්ද ඇති විය හැකි බව බ්‍රසීල රජයේ මතයයි.

නිරෝධායන නීති ළිහිල් කිරීමට අවසර ඉල්ලා ඔවුන් අධිකරණය හමුවට ද ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කොරෝනා සීඝ්‍රයෙන් පැතිර යන බ්‍රසීලයෙන් මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් ගණන එක් ලක්ෂ 46 දහසකට අධිකයි.