FAST NEWS

24×7 Around the Globe

මුරලි ක්‍රිකට් වසන්තයත් රැගෙන සංගා උතුරට යයි.

උතුරේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ බිහි වූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර කිලිනොච්චිය මැදි විදුහල් ක්‍රීඩාංගණයට ගියේය.

සිව්වන වතාවටත් ආරම්භ කරන ලද මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය මෙවර කිලිනොච්චිය යාපනය හා මුලතිව් නගරයන්හි පැවත්වීමට කටයුතු යොදා ඇත.

මේ අනුව බදාදා(07) ආරම්භ වූ මුරලි කුසලාන 20- 20 ක්‍රිකට් තරඟාවලිය ලබන 11 වැනිදා අවසාන මහ තරඟය මුලතිව්හි පැවත්වෙන අතර තරගාවලිය වෙනුවෙන් පිරිමි ක්‍රිකට් කණ්ඩායම් 16 ක් හා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් 8 ක් තරග වැදීමට නියමිතය.

තරගාවලිය නැරඹීමට පැමිණි කුමාර් සංගක්කාර විසින් ‘ගුණ ජය සතුට පදනමේ‘ සම්බන්ධීකරණයෙන් බී.බී.ඩී.ඕ. ලංකා පුද්ගලික ආයතනයේ දායකත්වයෙන් පාසල් ළමුන් වෙනුවෙන් පාපැදි 20 ක්ද ප්‍රධානය කරන ලදි.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණියේ කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතාය.