FAST NEWS

24×7 Around the Globe

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | ඇෆ්ගනිස්තානය) –  ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට කොරෝනා ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.  

පසුගිය දින කිහිපයේදී අමාත්‍යවරයා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව ද , මේ බව තහවුරු කරමින් ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක වහීදුල්ලා මයාර් අන්දෝලු පුවත් සේවයට පැවැසීය.

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ බ්‍රහස්පතින්දා ය.

‘‘සෞඛ්‍ය අමාත්‍යවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙනවා. ඔහු ඔහුගේ නිවසේම ස්වයං නිරෝධායනයට යොමු වී සිටිනවා’’ යැයි ද අමාත්‍යාංශ ප්‍රකාශක වැඩිදුරටත් සඳහන්කර සිටියේය.