FAST NEWS

24×7 Around the Globe

සෝමවංශ අමරසිංහ – විමල් විරවංශ අලුත් හවුල් ව්‍යාපාරයක්.

ජිනීවා යෝජනාව හරහා රට බරපතල අධිරාජ්‍යවාදී උගුලක හිරවෙමින් ඇති තත්වය යටතේ ජාතික නිදහස් පෙරමුණ හා ජනතා විමුක්ති පෙරමුණ සමඟ පුළුල්තම පෙරමුණක් යා එක්වන්නට තමන් සූදානම් බව ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෙම පක්‍ෂයන්හි යම් වෙනස්කම් පැවතියත් බේදුම්වාදයට එරෙහි එකඟතාවයකට පැමිණෙනවානම් පොදු සතුරාට එරෙහිව කොන්දේසී විරහිතව සටන් කළ හැකි බවත්ය.

ජිනීවා යෝජනාව මෙරටට බරපතළ ලෙස බලපාන යෝජනාවක් බව ඉන් බෙදුම්වාදය තවත් ශක්තිමත් කර රට පවාදීමකට ලක්කර ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.