FAST NEWS

24×7 Around the Globe

සුසන්තිකා ජයසිංහ නමීන් ක්‍රීඩා අභ්‍යාස ආයතනක් අරඹයි.

සුසන්තිකා ජයසිංහ මහත්මිය ඔලිම්පික් පදක්කම දිනගෙන වසර 15ක් ගතවීම සහ සුසන්තිකා ජයසිංහ ක්‍රීඩා අභ්‍යාස ආයතනයේ මූලික කටයුතු ආරම්භ කිරීමේ විශේෂ උත්සවයක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්විණි.

එහිදී ඇයගේ ජීවිත කථාව වන “මගේ කථාව” ග්‍රන්ථය එළිදැක්වීම ද සිදු වූ අතර සුසන්තිකා ජයසිංහ පදනම ආරම්භ කිරීම මෙන් ම සුසන්තිකා ජයසිංහ වෙඩ් අඩවිය දියත් කිරීම ද සිදු විය.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් මහගු මෙහෙවරක් ඉටු කළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් වන දමයන්ති දර්ශා, ශ්‍රීයානි කුලවංශ, සුගත් තිලකරත්න යන මහත්ම මහත්මීන් වෙත තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍ය අර්ජුන රණතුංග, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන ගාමිණි ලොකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

ඡායාරූප : සුදත් සිල්වා – ජනාධිපති මාධ්‍ය අංශය