(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සුදානම් වෙයි.
මුන්දලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයක් ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගැනුණි.
පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ලවා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයින් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම හා අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගැනුණා.
ඔහු කල්පිටිය 4 වන හරස් වීදියේ පදිංචිකරුවෙකි.
මුන්දලම පොලිස් වසමේ මදුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි එම රාජ්‍ය නොවන සංවිධානයේ ගොඩනැගිලි පරිශ්‍රය වෙත සැකකරු ඊයේ(03) රාත්‍රියේ රැගෙන එනු ලැබීය.
එම ස්ථානය පරීක්ෂා කිරීමේදී වැදගත් ලිපි ලේඛන රැසක් සොයා ගැනුණි. මෙම ගොඩනැගිලි ඉදිකිරීමට පසුගිය රජයේ අමාත්‍යවරයෙකු මූල්‍යාධාර ලබා දී ඇති බවට ද තොරතුරු හෙළිව තිබේ.
අදාළ ස්ථානයට පොලිස් ආරක්ෂාව යෙදවීමට පියවර ගැනුණු අතර සැකකරු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතයි.









