FAST NEWS

24×7 Around the Globe

වසා දමා තිබු ඉරානයේ දේවස්ථාන හෙට සිට යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | ඉරානය) – කොරෝනා වසංගතය හේතුවෙන වසා දැමුණු දේවස්ථාන හෙට සිට විවෘත කිරීමට ඉරානය තීරණය කල බව ඉරාන ජනාධිපති හසන් රවුහානි ප්‍රකාශ කළේය.

ඔහු මේ බව සඳහන් කළේ කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා ස්ථාපිත කළ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අමතමින්.

ඒ අනුව ඉරානයේ ජනපද 132ක පිහිටා ඇති දේවස්ථාන හෙට (04) සිට විවෘත කෙරෙනු ඇති.