FAST NEWS

24×7 Around the Globe

පොලීසිය ගණිකා නිවාසයට යද්දී පොලිස් අධිකාරී ගණිකාවන් දෙදෙනෙකු සමග යහනේ.

බස්නාහිර පළාතේ ‍පොලිස් ස්ථානයක දූෂණ මර්දන අංශයක නිලධාරීන් පිරිසක් ගණිකා නිවාසයක් වැටලීමේදී සහකාර ‍පොලිස් අධිකාරීවරයෙකු එම ගණිකා නිවාසයේ කාමරයක ගණිකාවන් දෙදෙනකු සමග සිටියදී හසුවී ඇතැයි ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම සහකාර ‍පොලිස් අධිකාරීවරයා නියෝජ්‍ය ‍පොලිස්පති කාර්යාලයකට අනුයුක්තව සේවය කරමින් සිටින අයෙකි. විෂමාචාර සිදුවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවීම හේතුකොටගෙන එම සහකාර ‍පොලිස් අධීකාරීවරයා නියෝජ්‍ය ‍පොලිස්පති කාර්යාලයට අනුයුක්ත කර ඇත්තේ කාර්ය භාරයක් නොමැති නිලධාරියෙක් ලෙස බව ‍පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

ගණිකාවන් සමග සිටියදී හසුවුණු එම සහකාර ‍පොලිස් අධිකාරීවරයා ‍පොලිස් නිලධාරීන් ඉදිරියේ බැගෑපත්වීම හේතුවෙන් මුදා හැර ඇති බවද ‍පොලිස් තොරතුරු සඳහන් කළේය.