FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ බන්ධනාගාර තුළ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  ඉන්දියාවේ බන්ධනාගාර තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිර යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.  

ප්‍රමාණය ඉක්මවා රැඳවියන් සිටින බන්ධනාගාර මෙම අර්බුධයට ගොදුරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි

ඉන්දියාවේ සමස්ථ කොරෝනා ආසාදිතයින්ගේ ගණන ද වේගයෙන් ඉහළ යමින් පවතියි.

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස් ආසාදිතයන් 2,644ක් වාර්තාවී ඇති අතර, මරණ 83 ක්ද වාර්තා වී ඇත.

ඉන්දියාවෙන් මේ දක්වා වාර්තාවන ආසාධිතයින් ගණන 40 දහසකට ආසන්න වනවා. මියගිය සංඛ්‍යාව 1323 ක්.

මේ වනවිට ඉන්දියාවේ මුළු කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 39,980ක් වන අතර, එරටින් වාර්තාවන මුළු මරණ සංඛ්‍යාව 1,301ක්.