FAST NEWS

24×7 Around the Globe

COVID 19 අවසන් වන දිනය පිලිබඳ හෙළිදරව්වක්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – 2020 දෙසැම්බර් මස තෙවන සතිය වන විට කොරෝනා ගෝලීය වසංගතය අවසන් වන බව සිංගප්පුරුවේ තාක්ෂණ හා සැලසුම් විශ්ව විද්‍යාලය අනාවැකියක් පළ කර තිබේ.

ඒ කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ රෝගීන් සහ අදාළ රටවල රෝග ව්‍යාප්තිය වී ඇති ආකාරය පදනම් කර ගනිමින්.

ගෝලීය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැයි මස 31 වනදා සිට ක්‍රමයන් අඩු වන අතර එය දෙසැම්බර් තෙවන සතිය වන විට අවසන් වනු ඇති බවට මෙම දත්ත විශ්ලේෂණය අනුව අනාවැකි පළකර ඇත.

සිංගප්පුරු තාක්ෂණ හා සැලසුම් විශ්ව විද්‍යාලය අනාවැකි පලකරන්නේ ලොව වැඩිම කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන අමෙරිකාවේ තත්ත්වය මැයි මස 18 වන විට සීයයට 97ක් පාලනයක් ගනු ඇති අතර සැප්තැම්බර් අවසානයේ එරට කොරෝනා වෛරසය ව්‍යාප්තිය අවසන් වීමට කලක් ගත වන බවයි.