FAST NEWS

24×7 Around the Globe

රුසියානු අගමැතිට කොරෝනා ආසාදනය වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියාවේ අග්‍රාමාත්‍ය මිකායිල් මිෂස්ටීන් හට කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අගමැතිවරයා විසින් තමන් ස්වයං නිරෝධානයට යොමුව ඇති බව රුසියානු ජනපති පුටින් වෙත දන්වා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.