(ෆාස්ට් නිව්ස් | මහනුවර ) – තලාතුඔය නගරයේ සියළු වෙළඳ සැල් අද දින (30) වසා දැමීමට වෙළඳ සල් හිමියන් තීරණය කොට ඇත.
ඒ මහනුවර තලාතුඔය නැහිනිවෙල ප්‍රදේශයට නිවාඩුවට පැමිණි නාවික හමුදා සෙබලෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වි ඇති බැවිනි.
මේ අනුව නැහිනිවෙල ගමට ආසන්නනම නගරය වන තලාතුඔය නගරයේද යම් භිතිකවක් පැතිර ගොස් තිබේ.
කොරෝනා ආසාදිත රෝගියා හමුවූ නැහිනිවෙල ප්‍රදේශයට වාහන ඇතුලු වීමද සීමා කොට ඇති අතර ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාවද තර කොට ඇති බව වාර්තාවේ.









