FAST NEWS

24×7 Around the Globe

අමෙරිකාවේ‍ කොවිඩ් මරණ 60000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – වැඩිම මරණ සහ ආසාදිතයින් ගණනක් වාර්තා වන අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 28,219 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 2383 දෙනෙකු මියගොස් තිබේ.

එරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 63,984 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර මියගොස් ඇති ආසාදිතයින් ගණන 61,649 කි.

ලොව පුරා වාර්තා වන කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව තිස් දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් තිස් දෙලක්ෂ 17,948 දෙනෙකු ලොව පුරා රටවල් රැසකින් වාර්තා වන අතර ආසාදිතයින් දෙලක්ෂ 28,019 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.