FAST NEWS

24×7 Around the Globe

කොරෝනා අවධානම නිසා රූපවාහිනී නාලිකාවක පිරිසක් PCR පරීක්ෂාවට යොමු කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රූපවාහිනී නාළිකාවක සේවකයන් පස් දෙනකු PCR පරීක්ෂණය සඳහා යොමු කර තිබේ.

ඒ කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා කෝප්‍රල්වරයකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හෙළිවීමත් සමඟය.

මේ අනුව එම නාලිකාවේ වේෂ නිරූපණ ශිල්පියකු ද වන බව වාර්තාවේ.

පසුගියදා සිදුකල PCR පරීක්ෂාවකදී ගුවන් හමුදා සංගීත කණ්ඩායමට අයත් කෝප්‍රල්වරයාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු විය.

මෙම ගුවන් හමුදා කෝප්‍රල්වරයා ත්‍රිවිධ හමුදා තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකයන් සමග අදාළ රූපවාහිනී ආයතනයේ වැඩසටහනකට එක් වී තිබේ.