FAST NEWS

24×7 Around the Globe

වසා දමා තිබූ නයිජීරියාවේ ප්‍රාන්ත කිහිපයක් යළි ඇරෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොවිඩ් 19 වෛරසය හේතුවෙන් වසා දමා ඇති නයිජීරියාවේ ප්‍රාන්ත කිහිපයක් යළි විවෘත කිරිමට එරට රජය තීරණය කර ති‍බේ.   

එරට ජනාධිපති මුහම්මදු බුහාරි පවසා ඇත්තේ ක්‍රමානුකූලව පියවරයන් කිහිපයක් යටතේ පනවා ඇති නිතී රිති ලිහිල් කිරිමට කටයුතු කරන බවත් , රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවන අතර මුඛ ආවරණ පැළදිම අනිවාර්යය කර ඇති බවත්ය.

අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් සිටින රට සහ විශාලතම ආර්ථිකය හිමි නයිජීරියාවේ කොවිඩ් 19 ආසාදිතයින් 1,337 ක් සහ මරණ 40 ක් වාර්තා වී තිබෙන බව එරට මාධ්‍ය තහවුරු කරයි.