FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ගතවූ පැය 24 ක කාලය තුළ ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයන් 1,396 දෙනෙකු හඳුනාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව එරට මුළු කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27,892 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ එරට වාර්තාවී ඇති මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 881 ක් බවයි.