FAST NEWS

24×7 Around the Globe

මෘතදේහ බහාලුම් 1000ක අවශ්‍යතාවයක්[LETTER]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෘතදේහ 1000ක් සඳහා Body Bag ලබා ගන්නා ලෙස ඉල්ලා රජය විසින්  ලිපියක් යොමු කර තිබේ.

මේ වනවිට සිදුවන සියලු මරණ බහාලන්නේ Body Bag තුල බැවින් එම බහාලුම් වල විශාල  අඩුවක් පවතියි.

වසංගතය සම්බන්ධයෙන් දැනට මෙරට පවතින තත්වයන් අනුව මරණ සිදුවිය හැකි යයි අනුමාන කරමින් ජාත්‍යන්තර පිළිගැනීම් වලට අනුකූලව කටයුතු කිරීම සඳහා මෙලෙස මෘත ශරීර බහාලන කවර ලබා දෙනමෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශ ශීර්ෂය යටතේ නිකුත් කර ඇති ලිපිය සත්‍ය බව වෛද්‍ය සුනිල් ඩි අල්විස් සනාථ කරයි.