FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය අගමැති නැවතත් ජාතිය අමතයි

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) – අද (26) පෙරවරුවේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් රට පුරා දැඩි සීමාවන් ක්‍රියාත්මක වද්දි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවතත් ජාතිය ඇමතීමට නියමිතයි.

අද ඔහු ජාතිය අමතන්නේ එරට ගුවන් විදුලි සේවාවන් ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉරිදා දිනයන්හි පවත්වන මාන් – කී බාත් වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිළි කිරීමට නියමිතයි.

පසුගිය මාර්තු 24 වනදා ඉන්දියාව දින 21ක කාලයක් සඳහා වසා දැමුණු අතර, පසුව එම කාලය මැයි 3 වනදා දක්වා දීර්ඝ කරනු ලැබීය.

ඉන්දියාවේ මේ වනවිට කොරෝනා වෛරස් ආසාදිතයන් 24,942ක් වාර්තාවන අතර, එරටින් වාර්තාවන කොරෝනා මරණ සංඛ්‍යාව 779 කි.