FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදී ලසන්ත ඝාතනයේ අපරාධකරුවෝ භාවිත කළ සිම්පත් ගැන හොඩුවාවක් ලැබෙයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට සම්බන්ධ යැයි සැකකරන අපරාධකරුවන් විසින් යොදා ගෙන ඇති දුරකථන සඳහා සිම් කාඩ්පත් පහක් මිලදීගෙන ඇත්තේ වැලිකඩ එකල බන්ධනාගාරයේ සිටි සිරකරුවකුගේ නමින් බව රහස් පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම සිරකරුගෙන් රහස් පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. ඔහු ඒ සම්බන්ධව තොරතුරු රැසක් අනාවරණය කර තිබේ.

පසුව මෙම සිරකරු සිරෙන් නිදහස්ව පැමිණ සිටියදී ස්වභාවික හේතුවකින් මිය ගොස් ඇති බවද රහස් පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් රහස් පොලිසිය එම සිම්කඩ් සහ දුරකතන අංක ඔස්සේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ අපරාධකරු සොයා ගැනීම සඳහා පරීක්ෂණ සිදු කරමින් සිටියි.

තවද ලසන්ත වික්‍රමතුංග මහතාට එල්ල වී තිබූ ජීවිත තර්ජන ඒවාට සම්බන්ධ වූ පුද්ගලයන් ආදිය පිළිබඳවද තොරතුරු රැසක් රහස් පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා මීට වසර කිහිපයකට ඉහතදී අත්තිඩිය ප්‍රදේශයේදී අභිරහස් ලෙස ඝාතනය කිරීම සම්බන්ධව මෙම පරීක්ෂණය සිදුවෙයි.