FAST NEWS

24×7 Around the Globe

මෙරට කොවිඩ් 19 ව්‍යාප්තිය පිළිබඳ නවතම හෙළි දරව්වක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට පවතින  කොරෝනා රෝගය කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ A කාණ්ඩය බව අධ්‍යනකින් හෙලි වී තිබේ.

මෙම අධ්‍යයනය සිදු කර ඇත්තේ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසිනි .

එම විශ්ව විද්‍යාලයේ ඩෙංගු පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය නිලිකා මලවිගේ එහි ප‍්‍රධානත්වය දරයි.

නව කොරෝනා වෛරසය විද්‍යාත්මකව හැදින්වෙන්නේ සාස් කොව් ටූ ලෙසයි. A, B සහ C ලෙස එහි මූලික ඛාණ්ඩ 03ක් විද්‍යාඥයින් විසින් හදුනාගෙන ඇත.

කොවිඞ් 19 රෝගය මුලින්ම හදුනාගැනුනු චීනයේ වූහාන් ප‍්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්තේ B ඛාණ්ඩයයි.

යුරෝපා කලාපයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන්නේ C ඛාණ්ඩය බව හදුනාගෙන තිබේ.

ශී‍්‍ර ලංකාවේ මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන A ඛාණ්ඩය වැඩි වශයෙන් ව්‍යාප්ත වූ සෙසු රටවල් වන්නේ ඇමෙරිකාව සහ ඔස්ටේ‍්‍රලියාවයි.

වෛරසයක එක් එක් ඛාණ්ඩය මගින් ඇති කෙරෙන සංකූලතා එකිනෙකට වෙනස් වන බව විද්‍යාඥයින් පෙන්වා දෙයි .

කොවිඩ් 19 නිසා ඇතැම් රටක සිදුවන මරණ අනුපාතය වෙනත් රටවලට වඩා වැඩි වීමටද මෙම වෙනස්කම් හේතුවන බවයි මහාචාර්ය නිලිකා මලවිගේ පවසන්නේ.

ඒ අනුව වෛරස ආසාධනයක් සඳහා කිසියම් රටක සොයා ගනු ලබන එන්නතක් තවත් රටකට ගැලපෙන්නේදැයි අවබෝධ කරගැනිමට නම් පළමුවෙන් අදාල රටෙහි ව්‍යාපත්වන වෛරස ඛාණ්ඩය නිවැරදිව හදුනා ගත යුතු බවද ඇය පෙන්වා දෙයි.