FAST NEWS

24×7 Around the Globe

නාවික සෙබළෙක්ද කොරෝනා වැළඳී රෝහලේ

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – අද (22) වාර්තා වූ 12 වන කොරෝනා රෝගියා නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බව වාර්තා වේ.

ඔහු පොළොන්නරුව, වැලිකන්ද රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි, නිවාඩු ලබා සිටින නාවික හමුදා සෙබළෙක් බව සඳහන්.

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් ගණන 323 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 11 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බේරුවල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී ඇත.