FAST NEWS

24×7 Around the Globe

ඇදිරි නීතිය අතරතුර කිලෝමීටර් ගණනක් පයින් ගිය දැරියක මරුට

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව ) – ඇදිරි නීතිය අතරතුර කිලෝමීටර් 320ක් පමණ දුර පයින් ගිය දැරියක් මිය ගිය පුවතක් වාර්තාවේ.

ඒ ඉන්දියාවේ චැටිස්ගාර් ප්‍රාන්තයෙනි.

මිරිස් වගා බිමක සේවය කරමින් සිට ඇති 12 හැවිරිදි දැරියක් කිලෝමීටර් 320ක් දුරකින් පිහිටි සිය නිවසට පයින් ගමන් කිරිමේදී ඇතිවූ අධික තෙහෙට්ටුව නිසා ජිවිතක්ෂයට පත්ව තිබේ.

ජමෝලා මඩ්කම් නම් මෙම 12 හැවිරිදි දැරිය ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්තයේ පිහිටි මිරිස් වගා බිමක සිය ඥාති සහෝදරයා සමග සේවය කර ඇත.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා තිබු නීති අප්‍රේල් 14 වෙනිදා ඉවත් කිරිමට සැලසුම් කර තිබුජ් එය යලි මැයි මස 03 වෙනිදා දක්වා දිර්ඝ කිරිම හේතුවෙන් ඇය ඇතුළු 11 දෙනෙකුගේ රැකියා අහිමිවී තිබේ.

තව දුරටත් එහි රැඳී සිටීමෙන් ප්‍රයෝජනයක් නොමැති බැවින් පසුගිය අප්‍රේල් මස 15 වෙනිදායි. ජම්ලෝ, අගේ ඥාති සහෝදරයා ඇතුළු 11 දෙනෙක් සිය නිවෙස් පිහිටි චැටිස්ගර් ප්‍රාන්තය බලා පාගමනින් යාමට ගමන් අරඹා ඇත.

තමන් සේවය කළ වගා බඔවුන් පොලිස් මාර්ග බාධක මග හැරීමේ අරමුණින් කඳුකර ප්‍රදේශ ඔස්සේ පුරා දින 03ක් ගමන් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ආහාර හිඟකම සහ අධික තෙහෙට්ටුව නිසා මෙම 12 හැවිරිදි දැරිය සිය නිවසට ලඟා වීමට පැයක පමණ දුරක් තිබියදී ජිවිතක්ෂයට පත්ව තිබේ.

කෙසේ වුවත් මියගිය ජම්ලෝ මැඩ්කම් කොරෝනා ආසධිතයෙක් නොවන බවට වෛද්‍ය පරීක්ෂණ වලදී තහවුරු වී ඇති අතර ඇය සමග පැමිණි ඇගේ සෙසු පිරිස නිරෝධායනයට යොමු කර ඇත.