FAST NEWS

24×7 Around the Globe

බාලවයස්කාරීයකට පහරදුන් බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයා අත්අඩංගුවට.

බාලවයස්කාර ගෘහ සේවිකාවට පහරදුන් බවට චෝදනා ලැබූ බංග්ලාදේශ ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ක්‍රීඩක ෂහදත් හුසේන් ඩකා නුවර අධිකරණය වෙත ඊයේ (05)භාර වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෂහදත් ගේ බිරිඳ මීට දින දෙකකට පෙර අත්අඩංගුවට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම 11 හැවිරිදි ගෘහ සේවිකාව නිවසින් අතුරුදන්වී ඇති බවට ෂහදත් හුසේන් පසුගිය සැප්තැම්බර් 6 වනදා මීර්පූර් නුවර පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

එහෙත්, එදින රාත්‍රියේ බංග්ලාදේශ මාධ්‍යවේදියෙකුට දැඩි ලෙස පහරකා වීථියක රැදී සිටි මෙම දැරිය හමුව ඇත.

ඉන් පසු අද අධිකරණය වෙත භාර වනතුරු, බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක ෂහදත් හුසේන් අතුරුදන්ව සිටියේය.