හික්කඩුව, නාරිගම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින ජර්මන් ජාතිකයෙකු දිනපතා හික්කඩුව වෙරළ තීරයට පැමිණ නිර්වස්ත්රව ස්නානය කිරීම එම වෙරළ තීරයට පැමිණෙන කුඩා ළමුන් සහ අනෙකුත් සංචාරකයින්ට විශාල ප්රශ්නයක් වී තිබෙන බව වාර්තා වෙයි.
දැනට මාසයක් තිස්සේ ඔහු නාරිගම සංචාරක හෝටලයේ නවාතැන් ගෙන සිටින බව වාර්තාවෙයි.
මෙම හෝටලයේ කළමණාකරු පවසන්නේ සංචාරක පොලිසියට සහ පොලිස් හදිසි ඇමතුම් අංශයට මේ පිළිබඳව දැනුම් දුන්නද තවමත් කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි. තවද කීපවතාවක් කළමණාකරුද මොහුට අවවාද කර තිබේ.








