FAST NEWS

24×7 Around the Globe

වූහාන් නගරයේ සංචාරක තහනම ලිහිල් කරයි

(ෆාස්ට් නිව්ස් | චීනය) –  කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවමින් සති ගණනාවක් පුරාවට වසා දමා තිබුණු වූහාන් නගරය වසා දැමීමට ගත් තීරණය අද (08) සිට අවලංගු වෙයි.   

පසුගිය ජනවාරි මැද භාගයේ පටන් වූහාන් නගරය වසා දමා තිබූ අතර , අද පටන් ඊට අදාළ නීති ලිහිල් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

සෞඛ්‍යසම්පන්න පුද්ගලයන්ට අවශ්‍ය නම් අද පටන් නගරයෙන් පිටත සංචරණය කළ හැකි බවත් බළධාරීන් පවසයි.