FAST NEWS

24×7 Around the Globe

කොරෝනා පරදන්න ගෝලීය සංදර්ශනයක් [VIDEO]

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – කොරෝනා වෛරසය පිළිබඳව දැනුවත් කිරීමේ ගෝලීය සංදර්ශනයක් සංවිධානය කෙරේ.

මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක්ව සිදු කරන අතර අප්‍රේල් 18 වන දා පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
ඇමරිකානු ගායිකා ලේඩි ගාගා මෙම සංදර්ශනය සංවිධානය කිරීමට ඉදිරිපත්ව සිටින අතර ඊට ඩේවිඩ් බෙකම්, ජෝන් ලෙජන්ඩ්, ස්ටීව් වොන්ඩර්, එල්ටන් ජෝන්, පෝල් මැකාට්නි, වැනි ගායකයන් සහ ප්‍රියංකා චොප්රා, ෂාරුක් ඛාන් වැනි බොලිවුඞ් නළු නිළියන් ද එක් වීමට නියමිත බව වාර්තා වේ.

 

මෙහි විශේෂත්වය වන්නේ මෙම ගෝලීය සංදර්ශනය ලොව පුරා සජීවි ලෙස විකාශය කරන අතර එය නිවෙස්වල සිටම නැරඹීමට හැකිවීමය.