FAST NEWS

24×7 Around the Globe

ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමේ සූදානමක්

(ෆාස්ට් නිව්ස් | ජපානය) – ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ජපානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ තීරණය අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ විසින් අද (06) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි. 

ජපානයේ කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 3,654 ක් වන අතර, ගතවූ පැය 24 තුළ නව ආසාදිතයන් 515 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාවද 85 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.