FAST NEWS

24×7 Around the Globe

කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ තවත් බන්ධනාගාර රැදවියෙක් මිය යයි

(ෆාස්ට් නිව්ස් | බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් මියගිය තුන්වන බන්ධනාගාර රැදවියා පිලිබඳ අද (02) වාර්තා විය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  එරට බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු වෛරසයට ගොදුරුවීමෙන් මිට කලින් මියගොස් ඇති බවයි.

මේ වන විටත් කොරෝනා වෛරසයට බන්ධනාගාර 23ක රඳවා සිටින රැදවියන් 65 දෙනෙකු ගොදුරු වී ඇති බව සදහන්.

ඒ අනුව බ්‍රිතාන්‍යය ලොවවැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වන රටවල් අතර 8 වන ස්ථානයේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.