FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවේ එක් දිනක කොරෝනා මරණ ගණන ඉහළ යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුව පැය 24ක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ගණන ඇමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

එම මරණ ගණන 1046 කි.

බදාදා දිනයේ මෙම මරණ වාර්තා වී ඇත.

ඒ අනුව මේ දක්වා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ සමස්ත මරණ 5,109ක් දක්වා වැඩිවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම එක්සත් ජනපදය තුළ මේ දක්වා පුද්ගලයන් 215,081ක් වෛරසයට ගොදුරුව ඇත.