FAST NEWS

24×7 Around the Globe

කොරෝනා හේතුවෙන් විම්බල්ඩන් ටෙනිස් තරඟාවලිය අවලංගු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලිය අවලංගු කිරීමට තීරණය කර ඇත.  

විම්බල්ඩන් තරගාවලිය ලබන ජුනි මස 29 වනදා ආරම්භ වීමට නියමිතව තිබුණි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙම තරගාවලිය අවලංගු කළ පළමු අවස්ථාව මෙය ලෙසටයි ඉතිහාසයට එක්වෙයි.