FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් නව රෝගීන් 36ක් හදුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගත වූ පැය 24 තුළ චීනයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඔවුන්ගෙන් එක් අයෙකු හැර අනෙකුත් සියලූදෙනා විදේශයන්හි සිට එරටට පැමිණි පුද්ගලයින් බව සදහන්.

කොරෝනා වෛරසය පැතිරීමත් සමග චීනයේ දැඩි අවදානම් කලාප ලෙස නම් කළ ප්‍රදේශ මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් ඇත.

එම ප්‍රදේශවලට ගමන් කිරීමට පනවා තිබූ තහනම ද මේ වනවිට ලිහිල් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.