FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාවේ පුවත් පත් 60 ක පමණ මුද්‍රණය නවතා දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හෙතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පුවත් පත්  60 ක පමණ මුද්‍රණ කටයුතු නවතා දැමීමට පියවරගෙ ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. 

එරට මාධ්‍ය සමූහයක් වන නිව්ස් කෝප් බදාදා කියා සිටියේ තම අන්තර්ගතය අන්තර්ජාලය හරහා ගෙන යන බවයි.

එසේම , ඔවුන් විසින් ගනු ලැබූ මෙම තීරණය සැහැල්ලුවට ගෙන නොමැති බවත් නිව්ස් කෝප් ඔස්ට්‍රේලියා ප්‍රධානී මයිකල් මිලර් සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ දැනටමත් ගැටලුවට පත්ව ඇති පුවත්පත් කර්මාන්තය තුළ වෙළඳ දැන්වීම් පළකිරීම පහත වැටීමද ගැටලුවක් බවට පත්ව ඇති බවයි.