FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයන් සිය ගණන් එකවර මතුවීමේ අවධානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමාජයට අනාරක්ෂිත ලෙස බැහැපු පිරිස රට තුළ කොරෝනා පැතිර වීමට නිසා ඉදිරි සති දෙක තුනක කාලය බෙහෙවින් පරිස්සං විය යුතු බව වෛද්‍ය පර්‍යේෂණ ආයතනය පවසයි.


එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේ ඉදිරි දින වල මෙරටින් කොරෝනා ආසාදිතයන් සිය දහස් ගණන් එකවර මතුවීමේ අවදානමක් මතුවී ඇති බවයි.

මේ වන විට සමාජයේ තැනින් තැන අහඹු ලෙස කොරෝනා රෝගීන් හමු වීමෙන් මෙම තත්ත්වය පෙන්නුම් කරන බව ද ඔහු පැවසීය.

ඉදිරි සති දෙක තුනක කාලය ජනතාව ඉතා වගකීමෙන් හැකිතාක් දුරස්ථභාවය රකිමින් කටයුතු කළ යුතු බවද ඔහු තවදුරටත් අවධාරණය කළේය.