FAST NEWS

24×7 Around the Globe

ඇමෙරිකාවෙන් වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජනපදය තුළ ඊයේ(30) අවම වශයෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා මරණ 574 ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එක් දිනක් තුළ එක්සත් ජනපදය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වේ.

ඒ අනුව ගත වූ කාලය තුළ  එක්සත් ජනපදයේ මරණ 3,165 ක් වාර්තා වී තිබේ.

වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 164,253කි.