FAST NEWS

24×7 Around the Globe

පරිප්පු සඟවන්නන් හට දැඩි නීතිමය ක්‍රියාමාර්ග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින ඇඳිරි නීතිය සමයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ පාරිභෝගික පැමිණිලි 2200 ක් ලැබී ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 

ඉහළ මිලකට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇති අතර මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා පවසයි.

මැනිං වෙළෙඳපොළ සහ පිටකොටුව අවට තොග වෙළඳුන් පරිප්පු සඳවා තබා ගැනීමත් පිළිබඳව පැමිණිලි අධිකාරියට ලැබී තිබේ.

පරිප්පු තොග සඟවා තබාගන්නා වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා අවධාරණය කරයි.

එමෙන්ම, පාරිභෝගික කටයුතු පනත යටතේ මාස 6 ක් සිරදඬුවම් හිමිවන බවද ඒ මහතා වැඩිදුරත් පැවසීය.